A Cinderella Story Movie (2004) | සිංහල උපසිරැසි සමගින්;

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | අචිනි ඒරන්දිකා

Total Siyapaa Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

L♥DK Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Leap Year Movie (2010) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Ek Villain Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Monday, September 23, 2019

Ek Villain (2014)



චිත්‍රපටය : Ek Villain (එක් දුෂ්ටයෙක්)
අධ්‍යක්ෂණය : මොහිත් සූරි
නිෂ්පාදනය : ඒක්තා කපූර්, ෂෝභා කපූර්
පිටපත : මිලප් සාවේරි, තුෂාර් හිරනන්දනි
ප්‍රධාන චරිත : සිද්ධාර්ත් මල්හෝත්‍රා (ගුරු) , රිතීෂ් දේශ්මුක් (රාකේශ්) , ශර්ධා කපූර් (අයිෂා)
සංගීතය : අන්කිත් තිවාරි, මිතූන්, සෝච් (සංගීත කණ්ඩායම)
සිනෙමාරූපණ : විෂ්ණු රාඕ
සංස්කරණය : දේවේන් මුරුදේශ්වර්
නිෂ්පාදක සමාගම : බලාජි මෝෂන් පික්චර්ස්

EK Villain කියන වචනයේ සිංහල තේරුම ‘එක් දුෂ්ටයෙක්’ කියන එකයි. ඇත්තටම මේ කතාවේ hero එහෙමත් නැත්නම් main character 1 වෙන්නේ දුෂ්ටයාගේ චරිතය.... කතාව බලද්දි ඔයාලට තේරෙයි..... ඇත්තම කිව්වොත් දුෂ්ටයො දෙන්නෙක් ඉන්නවා.. හැබැයි ඒ දෙන්නා දෙවිදිහක්.

LOVE කියන theme 1 base කරගත්තු මේ movie 1 මොහිත් සූරි මහතාගේ තවත් ලස්සන Film 1ක්. ඇත්තම කියනවා නම් Aashiqui 2 Film 1ට පස්සෙ මං ඇඟිලි ගැන ගැන හිටියේ මේ movie 1 බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. හැමදාම වගේ මං ඉතින් කතාව ගැන ඔයාලට පුංචිම පුංචි සඳහනක් විතරයි කරන්නේ. හේතුව ඔයාලා දන්නවානේ. කතාව කිව්වහම අගයක් නෑ. ඒක බලද්දි තමයි හරියටම කතාව වැදෙන්නේ. මේ කතාවත් Aashiqui 2 movie 1 වගේම heart touching movie 1ක්.

එහෙනම් අයිෂාගෙයි, ගුරුගෙයි Love Story 1 ගැන කියවන්න පටන්ගන්න.......... කියවලා ඔයාලගෙ අදහසුත් ලියලා එවන්න. තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු යාළුවනේ.......... එහෙනම් ආපහු මුණගැහෙනකම් හැමදෙනාටම Good Bye! කියලා කියනවා.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   

Hasee Toh Phasee (2014)


චිත්‍රපටය : Hasee Toh Phasee (ඇය සිනහසුණොත් උගුලක් ඇටවෙයි)
අධ්‍යක්ෂණය : විනිල් මැතිව්
නිෂ්පාදනය : කරන් ජොහාර්, විකාස් බාල්, වික්‍රමාදිත්‍ය මොට්වානේ, අනුරාග් කාශ්‍යප්
පිටපත : හර්ෂවර්ධන් කුල්කර්නි
ප්‍රධාන චරිත : සිද්ධාර්ත් මල්හෝත්‍රා (නිකිල්) , පරිනීති චෝප්රා (මීතා) , අදා ශර්මා (කරිෂ්මා)
සංගීතය විශාල්  : ශේකර්

මේ Movie 1 අයිති වන්නේ Comedy & Romance කියන තේමාව යටතට. ඒ නිසා මේ Film 1 පුරාවට හිනායන කෑලි නම් ඕනතරම් තියෙනවා. කතාව ගැන හැඳින්වීමක් කළොත් මීතා කියන චරිතය වටා තමයි කතාව ගෙතෙන්නේ. මීතා ව දකින හැමකෙනෙක්ටම හිතෙන්නේ ඇයට මොකක්හරි මානසික රෝගයක් තියෙනවා කියලයි. ඒ ඇය හැසිරෙන විදිහ නිසයි. ඒත් නිකිල් මීතා ට ළං වෙන්නෙත් ඔය කියන හේතුව නිසාමයි. නිකිල් හැමදෙයක්ම සරලව හිතන කිසිම දෙයක් බරපතල විදිහට ගන්නෙ නැති කෙනෙක්. ඒ නිසාම මේ දෙන්නගෙ ජීවිත ගොඩක් දුරට ගැළපෙනවා..... කතාව බලන්නකෝ.... එතකොට ඔයාලටම තේරෙයි......

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

Sunday, September 22, 2019

Yennamo Yedho (2014)


චිත්‍රපටය : Yennamo Yedho (කොහොම නමුත් කුමක් හෝ දෙයක්...)
අධ්‍යක්ෂණය : රවී ත්‍යාගරාජන්
නිෂ්පාදනය : P. රවිකුමාර්, P. V. ප්‍රසාද්
පිටපත : නන්දිනී රෙඩ්ඩි
ප්‍රධාන චරිත : ගෞතම් කාර්තික් (ගෞතම්) , රකුල් ප්‍රීත් සින්හ් (නිත්‍යා)
සෙසු ප්‍රධාන චරිත : ප්‍රභූ ගනේසන් , නිකේෂා පටෙල්
සංගීතය : D. ඉම්මාන්
සිනෙමාරූපණය : ගෝපි ජගදීස්වරන්
සංස්කරණය : I. J. ඇලන්
නිෂ්පාදක සමාගම : රවී ප්‍රසාද් ප්‍රඩක්ෂන්
ප්‍රචාරිත දිනය : 2014 අප්‍රේල් 25

මේ film 1 ඔයාලා බලලාත් ඇති. නොබලපු අයත් ඇති. කොහොමහරි ගොඩක් ලස්සන romantic comedy movie 1ක් මේ movie 1. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ගෞතම් සහ නිත්‍යා කියන දෙන්නා meet වෙන්නේ මේ දෙන්නා ආදරය කරපු දෙන්නාගේ wedding 1දි. ඉතින් මේ දෙන්නාම පුදුම හිතේ අමාරුවකින් තමයි මේ wedding 1ට යන්නේ. කොහොමහරි මෙයාලා හොඳ යාළුවො වෙනවා ඒකෙන් පස්සේ. ඒ වගේම ගෞතම්, නිත්‍යා ට ආදරය කරන්නත් පටන් ගන්නවා. ඒත්, නිත්‍යා engage වෙලා ඉන්නේ කියලා දැනගත්තට පස්සේ...........

තව කිව්වොත් ඉතින් වැඩක් නෑ අෆ්ෆා...... ඔයාලාම film 1 බලන්නකෝ.... එහෙනම් තව ලස්සන film 1කින් ආපහු ඔයාලාව මුණගැහෙන්නම් යාළුවනේ..... මේ film 1 බලලා ඔයාලගේ අදහසුත් දන්වලා එවන්නකෝ....!!!

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

Barbie and her Sisters in A Pony Tale (2013)


බාබි කතා වලට ආස කරන අයට ලස්සන කතාවක් ගෙනාවා. මේකෙ නම Barbie & Her Sisters in Pony Tale. මේක 2014 වසරෙදි නිර්මාණය කරපු කතාවක්. මේ කතාවෙ හැටියට බාබි එයාගෙ සහෝදරියොත් එක්ක නිවාඩුවක් ගත කරන්න හිතාගෙන එයාලාගෙ නැන්දා කෙනෙක් ගාවට යනවා. එයාට තුරඟ පාසලක් තියෙනවා. ඒ වගේම නැන්දා ඉන්න ගමේ වාර්ෂික තුරඟ තරඟත් පවත්වනවා. මේ අතර බාබිගෙ නැන්දාට ලොකු ප්‍රශ්නයක් වෙලා. එයාගෙ තුරඟ පාසල ණය තුරස් නිසා විකුණන්නයි එයා හිතාගෙන ඉන්නෙ. ඒත් බාබි එයාගෙ නැන්දාට උදවු කරනවා මේ තුරඟ පාසල බේරගන්න. ඒවගේමයි බාබිට මැජෙස්ටි කියන පුරාවෘත්තයකින් පැවත එන අශ්වයෙකුත් හමුවෙනවා. එහෙනම් මේ කතාව බලන්නකෝ...

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- අචිනි ඒරන්දිකා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

Akaash Vani (2013)


චිත්‍රපටය : ආකාශ් වානි
නිෂ්පාදනය : කුමාර් මංගත්, අභිෂේක් පතක්
පිටපත : ලව් රන්ජන්
ප්‍රධාන චරිත : කාර්තික් තිවාරි (ආකාශ්), නුෂ්රත් බරූචා (වානි) 
සංගීතය : හිතේෂ් සෝනික්

ආකාශ් වානි, තවත් ලස්සන love story 1ක්. 2013 ජනවාරි 25 වෙනිදා තමයි මේ movie 1 release වෙන්නේ... ආකාශ් වානි, නම් වගේම මේ දෙන්නා ගොඩාක් හොදට match වෙනවා. ඒ නිසාම ෂේකු සහ සුම්බෝධි කියලා යාළුවෝ දෙන්නෙක් අන්තිම වෙනකම්ම මේ දෙන්නට support කරනවා මේ දෙන්නගේ ආදරේ වෙනුවෙන්. 

ආදරය කියන දෙයටත් විවිධ ස්වරූප තියෙනවා. සමහරු ආත්මාර්ථකාමීව ආදරය කරනවා. තවත් සමහරු පිවිතුරු විදියට ආදරය අර්ථවත් විදිහට භාවිතා කරනවා. ඒ අතර දෙමව්පියන් දරුවන්ට කරන ආදරේ, දරුවන් දෙමව්පියන්ට දෙන ආදරේ. මේ වගේ ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ ගොනු වෙලා තියෙනවා. කතාව බලද්දි ඔයාලට තේරෙයි.......

ආදරය කියන්නෙ ආත්මාර්ථකාමීව කරන්න ඕන දෙයක් නෙමෙයි...... වාසි ප්‍රයෝජන ගරු නම්බු වෙනුවෙන් බලන් කරන දෙයකුත් නෙමෙයි.... ඒ වගේ ආදරයකට නියම අර්ථයක් ආකාශ් වානි දෙන්නා ආදරය කරන අයට තෑගි කරන්නේ..... එහෙනම් ආකාශ් වානි බලන්න.... බලලා ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන් කියලා එවන්න....

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More