Tuesday, October 1, 2019

L♥DK (2014)


චිත්‍රපටය : LDK (Living Together)
මන්ගා රචනය : අයූ වටනාබෙ
අධ්‍යක්ෂණය : යසුහිරො කවමුරා
පිටපත : යූකො මත්සුදා
ප්‍රධාන චරිත : කෙන්තො යමස(z)කි (ෂූසෙයි), අයමෙ ගොරිකි (අඔයි)

මේ තමයි යාළුවනේ මං මුලින්ම sub දාපු ජපන් film 1. ගොඩාක් ලස්සන කතාවක්. School Romance වලට ගොඩක් අය ආසයි නේ. ඉතින් ඒ නිසාම මේ අරන් ආවෙත් ඒ වගේම film 1 ක්. ඔයාලා දන්නවා ද දන්නෙ නෑ ජපානෙ ගොඩක් ලොකු film industry 1 ක් නෑ. හේතුව තමයි Manga (මන්ගා) කියන කාටුන් කතා තමා එහෙ ගොඩක්ම famous. ඉතින් Manga 1 නැගලා ගියොත් ඔන්න ඒකෙන් film 1 ක් හදනවා. ඔහොම තමයි ජපන් චිත්‍රපට හැදෙන්නේ.


මේ කතාව ගැන කිව්වොත් මේක Living Together theme 1 base කරගත්තු film 1 ක්. හැබැයි ඉතින් ඕගොල්ලො හිතන ඒවා නම් මේකෙ නෑ... ගොඩක් ආදරණීය කතාවක්. අඔයි ගේ හොදම යාළුවා මෝයි, ෂූසෙයි ට ආදරෙයි කියන තැන ඉදන් තමා කතාව පටන්ගන්නේ. ඒත් අන්තිමේදී අඔයි තමා ෂූසෙයි ගේ ආදරවන්තිය වෙන්නේ. මං වැඩිදුර විස්තර කියන්න යන්නෙ නෑ..... කතාව බලන්නකෝ ඒනම්.

Trailer එක මෙතනින්... 


සිංහල උපසිරැසි මෙතනින්...


පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

1 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More