Tuesday, October 1, 2019

A Cinderella Story (2004)


චිත්‍රපටය : A Cinderella Story (සින්ඩෙරෙල්ලා කතාවක්)
අධ්‍යක්ෂණය : මාර්ක් රොස්මන්
තිර රචනය : ලෙයි ඩුන්ලැප්
ප්‍රධාන චරිත : චැඩ් මයිකල් මුරේ (ඔස්ටින් ඒම්ස්), හිලරි ඩෆ් (සෑම් මොන්ට්ගොමරි)
නිෂ්පාදක සමාගම : වෝනර් බ්‍රොස්, ඩයිලන් සෙලර්ස් ප්‍රඩක්ෂන්ස්


Cinderella Story කියන්නෙ සින්ඩෙරෙල්ලා කතාවට 2004 වසරෙදි නිර්මාණය වුන ලස්සන චිත්‍රපටයක්. මේ කතාවෙ සින්ඩෙරෙල්ලා තමයි සෑම් මොන්ට්ගොමරි කියන ගෑනු ළමයා. පුංචි කාලෙදිම අම්මා අහිමිවුන සෑම් එයාගෙ තාත්තා එක්ක සතුටින් ජීවත් වුනා. පස්සෙ කාලෙක එයාගෙ තාත්තා දෙවෙනි විවාහයක් කරගත්තා. විවාහ වෙලා ටික කාලෙකින් සෑම්ගෙ තාත්තා මිය යනවා. සෑම්ටයි එයාගෙ තාත්තාටයි අයිතිවෙලා තිබුණ අවන්හල කුඩම්මා එයාගෙ නමට ලියාගෙන සෑම්ට ගොඩක් වෙනස්කම් කරනවා. ඔහොම කාලෙ ගතවෙලා සෑම් ලොකු වෙනවා. ඔය කාලෙදි සෑම්ට ෆෝන් එකෙන් මැසේජ් එනවා පිරිමි ළමයෙක්ගෙන්. ඒ විදිහට දෙන්නා අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. එයාලා කතාකරගන්නවා ඉස්කෝලෙ හැලෝවින් නැටුම දවසෙදි මුණගැහෙන්න. ඒ විදිහට මුණගැහුනමයි සෑම් දැනගන්නෙ එයා වෙන කවුරුත් නෙමෙයි ඉස්කෝලෙ ඉන්න කඩවසම්ම පිරිමි ළමයා ඔස්ටින් ඒම්ස් කියලා. හැබැයි ඔස්ටින් ට නම් එදා සෑම් කවුද කියලා දැනගන්න ලැබෙන්නෙ නැහැ.

Trailer එක මෙතනින්... 




පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- අචිනි ඒරන්දිකා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More