A Cinderella Story Movie (2004) | සිංහල උපසිරැසි සමගින්;

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | අචිනි ඒරන්දිකා

Total Siyapaa Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

L♥DK Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Leap Year Movie (2010) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Ek Villain Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Tuesday, October 1, 2019

A Cinderella Story (2004)


චිත්‍රපටය : A Cinderella Story (සින්ඩෙරෙල්ලා කතාවක්)
අධ්‍යක්ෂණය : මාර්ක් රොස්මන්
තිර රචනය : ලෙයි ඩුන්ලැප්
ප්‍රධාන චරිත : චැඩ් මයිකල් මුරේ (ඔස්ටින් ඒම්ස්), හිලරි ඩෆ් (සෑම් මොන්ට්ගොමරි)
නිෂ්පාදක සමාගම : වෝනර් බ්‍රොස්, ඩයිලන් සෙලර්ස් ප්‍රඩක්ෂන්ස්


Cinderella Story කියන්නෙ සින්ඩෙරෙල්ලා කතාවට 2004 වසරෙදි නිර්මාණය වුන ලස්සන චිත්‍රපටයක්. මේ කතාවෙ සින්ඩෙරෙල්ලා තමයි සෑම් මොන්ට්ගොමරි කියන ගෑනු ළමයා. පුංචි කාලෙදිම අම්මා අහිමිවුන සෑම් එයාගෙ තාත්තා එක්ක සතුටින් ජීවත් වුනා. පස්සෙ කාලෙක එයාගෙ තාත්තා දෙවෙනි විවාහයක් කරගත්තා. විවාහ වෙලා ටික කාලෙකින් සෑම්ගෙ තාත්තා මිය යනවා. සෑම්ටයි එයාගෙ තාත්තාටයි අයිතිවෙලා තිබුණ අවන්හල කුඩම්මා එයාගෙ නමට ලියාගෙන සෑම්ට ගොඩක් වෙනස්කම් කරනවා. ඔහොම කාලෙ ගතවෙලා සෑම් ලොකු වෙනවා. ඔය කාලෙදි සෑම්ට ෆෝන් එකෙන් මැසේජ් එනවා පිරිමි ළමයෙක්ගෙන්. ඒ විදිහට දෙන්නා අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. එයාලා කතාකරගන්නවා ඉස්කෝලෙ හැලෝවින් නැටුම දවසෙදි මුණගැහෙන්න. ඒ විදිහට මුණගැහුනමයි සෑම් දැනගන්නෙ එයා වෙන කවුරුත් නෙමෙයි ඉස්කෝලෙ ඉන්න කඩවසම්ම පිරිමි ළමයා ඔස්ටින් ඒම්ස් කියලා. හැබැයි ඔස්ටින් ට නම් එදා සෑම් කවුද කියලා දැනගන්න ලැබෙන්නෙ නැහැ.

Trailer එක මෙතනින්... 




පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- අචිනි ඒරන්දිකා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

Total Siyapaa (2014)



චිත්‍රපටය : Total Siyapaa (සම්පූර්ණ අවුල් ජාලයක්)
අධ්‍යක්ෂණය : ඊශ්වර් නිවාස්
නිෂ්පාදනය : නීරාජ් පාන්ඩේ, ෂීතල් භටියා
පිටපත : නීරාජ් පාන්ඩේ
ප්‍රධාන චරිත : අලී සෆර් (අමන්), යමී ගෞතම් (ආශා)
සෙසු ප්‍රධාන චරිත : අනූපම් කේර් (රජීන්දර්), කිරන් කේර් (ආශා ගේ අම්මා), සාරා ඛාන් (ජිආ)
සංගීතය : අලී සෆර්, සන්ජෝයි චෞද්රි
සිනෙමාරූපණය : විශ්ණු රාඕ
නිෂ්පාදක සමාගම : ෆ්‍රයිඩේ ෆිල්ම්වර්ක්ස්, AKA පික්චර්ස් කම්පනි

Total Siyapaa කියන්නේ හරිම විනෝදජනක film 1 ක් කියලා කිව්වොත් මං හරි. කතාව පටන්ගත්ත තැන ඉදන් ඉවර වෙනකම්ම මං නම් හිනා වුණා. ඒ තරමට හිනා යන කෑලි තමා තියෙන්නේ. කොහොමහරි ඕගොල්ලො දන්නවා ඇතිනේ ඉන්දියාවයි, පකිස්ථානයයි හෙන කාලෙක ඉදලා ඇරගන්නවා කියලා. මේ කතාවටත් ඔන්න ඔය ඉන්දි-පකිස් ගැටුම තමා base වෙන්නෙ. හැබැයි ඉතින් එහෙම කිව්වම හිතයි මේ කතාව පුරාවට ගහ මරාගන්න scenes තමා ඇත්තේ කියලා. අපෝ නෑ.... මේක හරිම හිනායන විනෝදජනක film 1 ක්. කතාව බලලා හිනාවෙන්නෙ නැතුව නම් ඉන්න බැරිවෙයි කස්ටියට.......  

Trailer එක මෙතනින්... 




පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

L♥DK (2014)


චිත්‍රපටය : LDK (Living Together)
මන්ගා රචනය : අයූ වටනාබෙ
අධ්‍යක්ෂණය : යසුහිරො කවමුරා
පිටපත : යූකො මත්සුදා
ප්‍රධාන චරිත : කෙන්තො යමස(z)කි (ෂූසෙයි), අයමෙ ගොරිකි (අඔයි)

මේ තමයි යාළුවනේ මං මුලින්ම sub දාපු ජපන් film 1. ගොඩාක් ලස්සන කතාවක්. School Romance වලට ගොඩක් අය ආසයි නේ. ඉතින් ඒ නිසාම මේ අරන් ආවෙත් ඒ වගේම film 1 ක්. ඔයාලා දන්නවා ද දන්නෙ නෑ ජපානෙ ගොඩක් ලොකු film industry 1 ක් නෑ. හේතුව තමයි Manga (මන්ගා) කියන කාටුන් කතා තමා එහෙ ගොඩක්ම famous. ඉතින් Manga 1 නැගලා ගියොත් ඔන්න ඒකෙන් film 1 ක් හදනවා. ඔහොම තමයි ජපන් චිත්‍රපට හැදෙන්නේ.


මේ කතාව ගැන කිව්වොත් මේක Living Together theme 1 base කරගත්තු film 1 ක්. හැබැයි ඉතින් ඕගොල්ලො හිතන ඒවා නම් මේකෙ නෑ... ගොඩක් ආදරණීය කතාවක්. අඔයි ගේ හොදම යාළුවා මෝයි, ෂූසෙයි ට ආදරෙයි කියන තැන ඉදන් තමා කතාව පටන්ගන්නේ. ඒත් අන්තිමේදී අඔයි තමා ෂූසෙයි ගේ ආදරවන්තිය වෙන්නේ. මං වැඩිදුර විස්තර කියන්න යන්නෙ නෑ..... කතාව බලන්නකෝ ඒනම්.

Trailer එක මෙතනින්... 


සිංහල උපසිරැසි මෙතනින්...


පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

Leap Year (2010)



චිත්‍රපටය : Leap Year (අධික අවුරුද්ද)
අධ්‍යක්ෂණය : ආනන්ද් ටකර්
සංගීතය : රැන්ඩි එඩෙල්මන්
තිර රචනය : ඩෙබෝරා කප්ලන්, හැරී එල්ෆොන්ට්
ප්‍රධාන චරිත : ඒමි ඇඩම්ස් (ඇනා), මැතිව් ගූඩි (ඩෙක්ලන්), ඇඩම් ස්කොට් (ජෙරමි)

Leap Year කියන්නේ අධික අවුරුද්දට. අධික අවුරුද්දක් එන්නේ අවුරුදු 4 කට සැරයක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඉතින් ඒ වගේ අධික අවුරුද්දක් උදවෙන පෙබරවාරි 29 වෙනිදාට විවාහ යෝජනාවක් කරන අපූරු චාරිත්‍රයක් අයර්ලන්තයේ තියෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය වන ඇනා තමන්ගේ පෙම්වතා වන ජෙරමි ට විවාහ යෝජනාවක් කරන්න අයර්ලන්තයට යන්න අදහස් කරනවා. ඒත් අයහපත් කාලගුණය නිසා ඇය ගමන් ගන්න ගුවන්යානය වෙන පිටිසර පැත්තක ගොඩබානවා. ඉතින් ඇනාට සිද්ධ වෙන අකරතැබ්බ තමා මේ මුළු කතාව පුරාම තියෙන්නේ... කොහොමහරි ඇනාට එහෙදි හම්බවෙන කෙනා තමයි ඇගේ මුළු ජීවිතයම වෙනස් කරන්නේ... ගොඩාක් ලස්සන, විනෝදජනක ඒ වගේම ආදරණීය කතාවක්.... ඔයාලාත් කතාව බලලා අදහස් එහෙම ලියලා එවන්නකෝ....

Trailer එක මෙතනින්... 




පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...    

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More