A Cinderella Story Movie (2004) | සිංහල උපසිරැසි සමගින්;

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | අචිනි ඒරන්දිකා

Total Siyapaa Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

L♥DK Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Leap Year Movie (2010) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Ek Villain Movie (2014) | සිංහල උපසිරැසි සමගින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම | රුවන්ති කෞශල්‍යා

Saturday, August 31, 2019

The Last Song (2010)


චිත්‍රපටය : The Last Song (අවසන් ගීතය)
අධ්‍යක්ෂණය : ජුලී ඈන් රොබින්සන්
පිටපත : නිකලස් ස්පාක්ස්
ප්‍රධාන චරිත : ලියම් හෙම්ස්වර්ත් (විල්) , මිලී ක්රූස් (රොනී)
සංගීතය : ආරෝන් සිග්මන්


මේ film 1 මට දැනුණ විදිහට නම් හරිම sensitive movie 1ක්. ඇත්තම කියන්න ඕනේ. මේකෙ sub 1 කරද්දි මට මාර විදිහට ඇඬුනා. මේ කතාවෙන් කියවෙන්නේ තාත්තා කෙනෙකුගෙයි, දුවෙකුගෙයි අතර තියෙන ආදරණීය බැඳීමක් ගැන. අපි ඒ දුවට රොනී කියලා කියමුකෝ. රොනී එයාගෙ මල්ලිත් එක්ක ග්‍රීෂ්ම නිවාඩුව ගත කරන්න තාත්තාගේ ගෙදරට එනවා. මේ ගොල්ලන්ගේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්නේ. පොඩි කාලෙම තාත්තාගේ ඈත්වීම නිසා රොනී තාත්තාත් එක්ක පුදුම විදිහට තරහින් ඉන්නේ. ඒත් අන්තිමේදී ඒ තරහ පුදුමාකාර ආදරයකට හැරෙනවා. රොනීට තාත්තා වගේම එහෙදි අලුත් යාළුවෙක්, හොඳ පෙම්වතෙක්, ඒ වගේම කැස්බෑවොත් මුණගැහෙනවා. පැටලිලි සහගතයි වගේද? අවුලක් නෑ මේ film 1 බලන්නකෝ.
මේ කතාව පුරාවටම මට දැනුණේ මං මගේ තාත්තාත් එක්ක ජීවත්වෙනවා වගේ. මං ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. මොකද මේ ලෝකෙන්ම ඉන්න හොඳම තාත්තා මට ලැබිලා තියෙන නිසා. මං හිතනවා ඔයාලටත් එහෙමම දැනෙනවා ඇති කියලා.
අපි අතින් දෙමාපියන්ට මොන වැරැදි සිද්දවුණත් අම්මලා තාත්තලා කවදාවත්ම දරුවො එක්ක තරහ වෙන්නේ නෑ. ඒ නිසා ජීවත්වෙලා ඉන්නකන් ඒ ගොල්ලන්ව සතුටින් තියන්න. මොකද අම්මයි තාත්තයි තරම් වස්තුවක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැති නිසා.

(මං ටිකක් පණ්ඩිත වෙලා යාළුවනේ. ගණන් ගන්න එපා. එහෙනම් film 1 බලලා ඔයාලගේ comments එහෙම දෙන්න.)

Trailer එක මෙතනින්... 





සිංහල උපසිරැසි මෙතනින්...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -


මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 


Badmash Company (2010)


චිත්‍රපටය : Badmash Company (නරක සමාගම)
කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය : පර්මීත් සෙති
නිෂ්පාදනය : ආදිත්‍ය චොප්රා
ප්‍රධාන චරිත : ෂාහිද් කපූර් (කරන්) , අනුෂ්කා ශර්මා (බුල්බුල්) , මෙයියැන්ග් චෑන්ග් (සින්ග්) , විර් දාස් (චන්දු)

මේ Film 1 ගැන කතාකළොත් 2010 දි out වෙන මේ movie 1 Robbery කියන theme 1 base කරගත්තු Movie 1ක්.

යාළුවො හතරදෙනෙක් එකට එකතු වෙලා දියත් කරන මේ ව්‍යාපාරය කඩා වැටෙන්නේ ඔවුන්ගේ යාළුකම්ද නැති කරන තත්වයකට පත්කරලයි. ඒකට හේතුව මොකක්ද.......??? වෙන මොනවද ඉතින් සල්ලි මිසක්....... සල්ලි කියන දේට ජීවිතය නැති කරන්න මහ වෙලාවක් යන්නෙ නෑ.....

කරන් ට ඕනවෙනවා සල්ලි වල පීනන්න. ඒත් ඒ සල්ලි හින්දම අන්තිමට ඔහුට ඔහුගෙ පවුල, යාළුවො, තමන්ගේ ආදරය හැමදෙයක්ම වගේ නැතිවෙනවා..... ඒත් අන්තිමේදී ඔහු තම ස්ව උත්සාහයෙන් ලෝකය ජයගන්නවා..... නමුත් කරන් අන්තිමේදී එකම එක දෙයක් තේරුම්ගන්නවා. ඒ තමා ජීවිතයට සතුට කියන දේ සල්ලි වලට දෙන්න බෑ කියන එක......... ඇත්තටම ඔහුට ඉන්නෙ අවංක මිත්‍රයින්........ ඒ නිසා කරන් ට ආයිමත් ජීවිතය ජයගන්න උදවු කරන්නෙ ඔවුන්..........

මේ කතාවෙන් හොඳ ආදර්ශයකුත් අපි හැමකෙනෙක්ටම ගන්න පුලුවන්. ඒ තමයි දෙවියො මිනිස්සුන්ට මොළය කියලා දෙයක් දීලා තියෙනවා...... ඒ මොළය නිවැරදිව පාවිච්චි කළොත් අපිට සතුටින් ජීවත්වෙන්න පුලුවන්. නමුත් වැරදියට පාවිච්චි කළොත් කවදාමහරි දවසක ඒවාට අපිට දෛවයෙන්ම දඩුවම් ලැබෙනවා කියන එක.

මං නෙමෙයි එහෙම කියන්නේ. මේ movie 1. මේ movie 1 බලලා ඔයාලගේ අදහසුත් කියන්නකෝ එහෙනම්.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම : 
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

Teree Sang (2009)


චිත්‍රපටය : Teree Sang (හිඳිමි ඔබ සමඟින්)
අධ්‍යක්ෂණය : සතිෂ් කෞශික්
නිෂ්පාදනය : භාරත් ෂාහ්
පිටපත : ජෛනේන්ද්‍ර ජෙයින්
ප්‍රධාන චරිත : රුස්ලාන් මුම්ටාස් (කුක්කු) , ෂීනා ෂහබධී (මහී)
සංගීතය : සචින්-ජිගර්, අනු මලික්, බප්පි ලහිරි
සිනෙමාරූපණ : S. ශ්‍රීරාම්
සංස්කරණය : හේමාල් කෝතාරි

මේ Film 1 යාළුවනේ Kidult Love Story 1ක්. ඒ කියන්නෙ බාල වයස්කාර ප්‍රේමයක් ගැන කියවෙන කතාවක්. මේකෙ කොල්ලට වයස දාහතයි. කෙල්ලට පහළොවයි. කොල්ලා නිසා කෙල්ල pregnant වෙනවා. ඉතින් ඊටපස්සෙ වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. හැබැයි මේ කොල්ලා කෙල්ලට ගොඩාක් ආදරේ කරනවා. ඒ නිසා කෙල්ලව කොයිම මොහොතක වත් දාලා යන්න හිතන්නෙ නෑ. ඒකයි මේ Film 1ට Teree Sang (හිඳිමි ඔබ සමඟින්) කියලා නම වැටිලා තියෙන්නේ.....

මේ Film 1ත් අලුත් Film 1ක් නෙමෙයි. හැබැයි ලස්සන කතාවක්.

ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් ඒවට නොසැලී මුහුණදෙන විදිහ තමයි මේ කතාව පුරාවටම කියලා දෙන්නෙ. හැබැයි ඉතින් අඩු වයසින් ආදරය කරන්න ගිහින් මේ වගේ දෙයක් සිද්දවුණොත්, හැම කෙල්ලටම මේ වගේ කොල්ලෙක්ව ලැබෙන එකක් නම් නෑ. ඒකත් මතක තියාගෙනම මේ Film 1 බලන්න.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම : 
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

Awake (2007)


චිත්‍රපටය : Awake (යළි පිබිදීම)
අධ්‍යක්ෂණය : ජොබී හැරෝල්ඩ්
නිෂ්පාදනය : ජේසන් ක්ලියොට්, ජෝන් පෙනොට්ටි, ජොආනා විසෙන්ට්, ෆිෂර් ස්ටීවන්ස්
පිටපත : ජොබී හැරෝල්ඩ්
ප්‍රධාන චරිත : හෙයිඩන් ක්‍රිස්ටන්සන් (ක්ලේ) , ජෙසිකා ඇල්බා (සෑම්)
සංගීතය : ග්රයිමි රිවෙල්, සැමුවෙල් සිම්
සිනෙමාරූපණ : රසෙල් කාපෙන්ටර්
සංස්කරණය : ක්රෙයිග් මැකේ

කාටද කියන්න පුලුවන් අපේ ජීවිතේට සමීපවෙන හැමකෙනෙක්ම එහෙම සමීපවෙන්නෙ අපිට තියෙන ආදරයකට, එහෙමත් නැත්නම් අපිව ආරක්ෂා කරන්නමයි කියලා. කිසිමකෙනෙක්ට ඒක හරියටම කියන්න බෑ නේද? හේතුව අපි මිනිස්සුන්ව කාලා බලලා නැති නිසා. මිනිස්සු කියන්නෙ පුදුමාකාර සත්තු ජාතියක් නිසා. මොන දේ කරලා ඔප්පු කරන්න හැදුවත් ඇත්ත ඒකයි. පොදුවේ මේ චෝදනාව හැමකෙනෙක්ටම එල්ල කරන්නත් බෑ. හේතුව නරක වගේම හොඳ අයත් මේ ලෝකෙ ඉන්න නිසා.

මේ කතාව ගෙතෙන්නෙ ක්ලේ කියන තරුණ, ප්‍රසිද්ධ, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වටා. ඔහුට ආදරය නිසා ඇතිවන ඉරණම ගොඩක් භයානකයි. එහෙම කියන්නෙ ඔහුට සමීපවන සෑම් කියන කාන්තාව ඇත්තටම ඔහුගෙ ජීවිතයට සමීපවන්නෙ ආදරය හේතුකොටගෙන නොවන නිසා.

මේ චරිත දෙකට පණ පොවන්නෙ Hayden Christensen සමඟ Jessica Alba නම් ජනප්‍රිය නළු නිළියන් යුවළ.

ඇත්තටම හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. තමන් ලඟ ඇත්තටම ඉන්නෙ කවුද? තමන්ට ලං වෙන හැමකෙනෙක්ම එහෙම ලං වෙන්නෙ ඇත්තටම තමන්ට තියෙන ආදරයකටමද කියන එක ඔයාලා තීරණය කරන්න. මොකද ඇහි පිල්ලමක් ගහන සැණින් අපිට නැතිවෙන්න පුළුවන් සේරම නැතිවෙලා යයි. අන්තිමට ඉතුරු වෙන්නෙ අපි ලඟ කවදත් ඇත්තටම හිටපු අය විතරමයි.  

එහෙනම් යාළුවනේ මේ Film 1ත් බලලා ඔයාලගේ අදහස් කියන්නකෝ......

(තව දෙයක් : සංවේදි අයට නම් මේක ටිකක් බලන්න අමාරු චිත්‍රපටියක්.)

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz වෙබ් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More