Thursday, August 29, 2019

Playful Kiss (Complete Season) (2010)


TV කතා මාලාව : Playful Kiss
පිටපත : ගෝ ඉයුන්-නිම්
අධ්‍යක්ෂණය : හ්වාන්ග් ඉන්-රෝයි, කිම් දෝ හ්යුන්ග්
නිෂ්පාදනය : සෝන්ග් බ්යුන්ග්-ජූන්
ප්‍රධාන චරිත : ජුන්ග් සෝ-මින්, කිම් හ්යුන්ග්-ජූන්, ලී තාඉ-සුන්ග්, ලී සි-යන්ග්
කතාංග (Episodes) : 16
ප්‍රචාරිත දිනය : 2010 සැප්තැම්බර් 1 - ඔක්තෝම්බර් 21

ඔන්න මම ලස්සන කොරියන් කතාවක් අරගෙන ආවා. මේ කතාවෙ නම Playful Kiss. මේක 2010 වර්ෂයෙදි නිශ්පාදනය කරපු කතාවක්. මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙ ඕ හා නී කියන ගෑනු ළමයයි, බෙක් සියුන් ජෝ කියන පිරිමි ළමයයි වටා. මෙයාලා දෙන්නාම යන්නෙ එකම ඉස්කෝලෙකට. ඕ හා නී ගොඩක් කාලෙක ඉඳලා සියුන් ජෝට කැමැත්තෙන් ඉන්නවා. මේ නිසාම එයා දවසක් සියුන් ජෝට ලියුමකින් තමන්ගෙ හිතේ තියෙන දේ කියනවා. හැබැයි ඒකට සියුන් ජෝ දෙන්නෙ නම් වෙනස්ම විදිහක ප්‍රතිචාරයක්. මේ අතරෙදි ඕ හා නී ඉන්න ගෙදර එයාලාට අහිමි වෙනවා. ඕ හා නීට ඉන්නෙ එයාගෙ තාත්තා විතරමයි. එයාලාට යන්න තැනක් නැතුව ඉන්නකොට ඕ හා නීගෙ තාත්තාගෙ යාළුවෙක් එයාලාට තමන්ගෙ ගෙදර නතර වෙන්න කියලා ආරාධනා කරනවා. එයාලා ඒ ගෙදරට ගියාම ඕ හා නීට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ එයා හිතුවෙවත් නැති විදිහෙ දෙයකට. ඒක මොකක්ද කියලා ඔයාලාම බලන්නකො. සුන්දර පාසල් පරිසරයක් වටා ගොඩ නැගිලා තියෙන Playful Kiss බලන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා....

Trailer එක මෙතනින්... 


සිංහල උපසිරැසි මෙතනින්...


පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම : 
- අචිනි ඒරන්දිකා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More