Saturday, August 31, 2019

Awake (2007)


චිත්‍රපටය : Awake (යළි පිබිදීම)
අධ්‍යක්ෂණය : ජොබී හැරෝල්ඩ්
නිෂ්පාදනය : ජේසන් ක්ලියොට්, ජෝන් පෙනොට්ටි, ජොආනා විසෙන්ට්, ෆිෂර් ස්ටීවන්ස්
පිටපත : ජොබී හැරෝල්ඩ්
ප්‍රධාන චරිත : හෙයිඩන් ක්‍රිස්ටන්සන් (ක්ලේ) , ජෙසිකා ඇල්බා (සෑම්)
සංගීතය : ග්රයිමි රිවෙල්, සැමුවෙල් සිම්
සිනෙමාරූපණ : රසෙල් කාපෙන්ටර්
සංස්කරණය : ක්රෙයිග් මැකේ

කාටද කියන්න පුලුවන් අපේ ජීවිතේට සමීපවෙන හැමකෙනෙක්ම එහෙම සමීපවෙන්නෙ අපිට තියෙන ආදරයකට, එහෙමත් නැත්නම් අපිව ආරක්ෂා කරන්නමයි කියලා. කිසිමකෙනෙක්ට ඒක හරියටම කියන්න බෑ නේද? හේතුව අපි මිනිස්සුන්ව කාලා බලලා නැති නිසා. මිනිස්සු කියන්නෙ පුදුමාකාර සත්තු ජාතියක් නිසා. මොන දේ කරලා ඔප්පු කරන්න හැදුවත් ඇත්ත ඒකයි. පොදුවේ මේ චෝදනාව හැමකෙනෙක්ටම එල්ල කරන්නත් බෑ. හේතුව නරක වගේම හොඳ අයත් මේ ලෝකෙ ඉන්න නිසා.

මේ කතාව ගෙතෙන්නෙ ක්ලේ කියන තරුණ, ප්‍රසිද්ධ, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වටා. ඔහුට ආදරය නිසා ඇතිවන ඉරණම ගොඩක් භයානකයි. එහෙම කියන්නෙ ඔහුට සමීපවන සෑම් කියන කාන්තාව ඇත්තටම ඔහුගෙ ජීවිතයට සමීපවන්නෙ ආදරය හේතුකොටගෙන නොවන නිසා.

මේ චරිත දෙකට පණ පොවන්නෙ Hayden Christensen සමඟ Jessica Alba නම් ජනප්‍රිය නළු නිළියන් යුවළ.

ඇත්තටම හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. තමන් ලඟ ඇත්තටම ඉන්නෙ කවුද? තමන්ට ලං වෙන හැමකෙනෙක්ම එහෙම ලං වෙන්නෙ ඇත්තටම තමන්ට තියෙන ආදරයකටමද කියන එක ඔයාලා තීරණය කරන්න. මොකද ඇහි පිල්ලමක් ගහන සැණින් අපිට නැතිවෙන්න පුළුවන් සේරම නැතිවෙලා යයි. අන්තිමට ඉතුරු වෙන්නෙ අපි ලඟ කවදත් ඇත්තටම හිටපු අය විතරමයි.  

එහෙනම් යාළුවනේ මේ Film 1ත් බලලා ඔයාලගේ අදහස් කියන්නකෝ......

(තව දෙයක් : සංවේදි අයට නම් මේක ටිකක් බලන්න අමාරු චිත්‍රපටියක්.)

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz වෙබ් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More