Sunday, September 22, 2019

Aatma (2013)


චිත්‍රපටය : ආත්ම
අධ්‍යක්ෂණය හා තිර රචනය : සුපර්න් වර්මා
නිෂ්පාදනය : කුමාර් මංගත් පතක් , අභිෂේක් පතක්
ප්‍රධාන චරිත : බිපාෂා බාසු (මායා) , නවාසුදීන් සිද්දිඛි (අබේ)          
සංගීතය : සංගීත් හල්දිපූර් , සිද්ධාර්ත් හල්දිපූර්
සිනෙමාරූපණය : සොෆී වින්ක්විස්ත්
සංස්කරණය : හේමාල් කෝතාරි
නිෂ්පාදක ආයතනය හා බෙදාහැරීම : Wide Frame Pictures

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ හොල්මන් කතාවක් ගේන්න හිතුනා. ගොඩක් අය ආසයිනේ හොල්මන් කතා එහෙම බලන්න. මේ ‘ආත්ම’ කියන Hindi movie 1ත් ඒ වගේම හොල්මන් කතාවක්. නමෙන්ම තේරෙනවානේ. මේ movie 1 ගැන පොඩි හැදින්වීමක් කළොත් 2013 මාර්තු 22 තමයි මේ movie 1 release වෙන්නේ. තමන්ගේ දුවට තියෙන අසීමිත ආදරය නිසා මරණයෙන් පස්සෙත් තමන්ගේ දුව හොයාගෙන එන තාත්තා කෙනෙක් තමන් සමග ඒ දරුවාව අරගෙන යන්න හදන සිදුවීමක් තමා මේ කතාව පුරාවටම දකින්න ලැබෙන්නේ.

මේ තාත්තා ඒ කියන්නේ අබේ තමන්ගේ දුවට ගොඩාක් ආදරය කරනවා. ඒ නිසාම එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ තමන්ගේ බිරිඳගෙන් ඒ කියන්නේ මායා ගෙන් තමන්ගේ දුවව ඈත් කරන්න. අබේ මායා ව බොරු හේතු හදාගෙන සැක කරනවා. ඒ නිසා මායා ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න අබේ තමන්ගේ දුව නිආ ට ලං වෙනවා. මේ බැඳීම මරණයෙන් අවසන් වෙන්නෙ නෑ.

නමුත් නිආ ගේ අම්මා මායා තමන්ගේ දුවව අබේ ගෙන් බේරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ හින්දම මායා ට ගොඩක් දේවල් නැතිවෙනවා. නමුත් ඇගේ උත්සාහය අවසානයේ ජයගන්නවා.

ගොඩක් අය කියනවානේ ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා. ඒක ඇත්ත. අසීමිත ආදරයේ එක භයානක පැතිකඩක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් යාළුවනේ කතාව බලන්න. බලලා ඔයාලගේ අදහසුත් ලියලා එවන්න.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...  

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More