Sunday, September 22, 2019

Shuddh Desi Romance (2013)


චිත්‍රපටය : Shuddh Desi Romance
අධ්‍යක්ෂණය : මනීෂ් ශර්මා
නිෂ්පාදනය : ආදිත්‍ය චොප්රා
පිටපත : ජයිදීප් සහ්නි
ප්‍රධාන චරිත : සුෂාන්ත් සිංහ් රාජ්පුත් (රඝු) , පරිනීති චොප්රා (ගයාත්‍රි)
සංගීතය : සචින් - ජිගර්
සිනෙමාරූපණ : මනු ආනන්ද්
සංස්කරණය : නම්රතා රාඕ
නිෂ්පාදක සමාගම : යාෂ් රාජ් ෆිල්ම්ස්

මේ කතාව ගැන කියනවා නම් හරිම Funny Film 1ක්. හැම කතාවකම වගේ තියෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ව දකිනවා, කෙල්ල ගැන හිතක් පහළ වෙනවා. පස්සෙ කෙල්ල කැමති වෙනකම්ම කෙල්ල පස්සෙ යනවා. අන්තිමට විවාහ වෙනවා.... කතාව ඉවරයි..... ඕකනෙ තියරිය.... හැබැයි මේ කතාව එහෙම එකක් නම් නෙමෙයි..... මේ කතාවෙ විවාහය කියලා දෙයක් නෑ.... විවාහය කියන්නෙ ජීවිතයට ඕන දෙයක් නෙමෙයි.... එකිනෙකා තේරුම් අරගෙන ආදරෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි ජීවිතය කියන්නේ.... මං නෙමෙයි එහෙම කියන්නේ.... මේ Film 1. වෙනස් විදිහෙ තේමාවක් තියෙන මරු කතාවක්..... අලුත් නළු නිලියො රඟපාන්නේ.... ඒ වගේම 2013 අවුරුද්දෙ out වෙච්ච movie 1ක්…… ඒත් මට නම් හිතෙන්නේ විවාහය කියන පදනම නැත්නම් එතන වගකීම් යුතුකම් ඉටුවෙන්නෙත් නෑ.... ඒත් දැන් උදාවෙන්න නම් යන්නෙ මේ වගේ වාතාවරණයක් තමයි..... එහෙම නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා....  ඔයාලත් එහෙනම් බලලා ඔයාලගෙ අදහස් කියන්නකො යාළුවනේ.........

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්... 


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More