Wednesday, September 4, 2019

Nenu Naa Rakshashi (2011)


චිත්‍රපටය : Nenu Naa Rakshashi (ඇය රාස්සියකි)
අධ්‍යක්ෂණය , තිර රචනය : පූරි ජගන්නාද්
නිෂ්පාදනය : නල්ලමලූපු බුජ්ජි
ප්‍රධාන චරිත : රනා දග්ගුබාති (අභී) , ඉලියානා ඩී ක්රූස් (මීනාක්ෂි) , අභිමන්යු සින්හ් (රත්නා)
සංගීතය : ඉම්මානුඅල් විලියම්ස්
සිනෙමාරූපණය : අමෝල් රාතෝද්

මනුස්සයෙක් සියදිවි නසාගන්නවා කියන්නේ ප්‍රශ්නවලින් පැනලා යන්න ගන්න හොඳම විසඳුම කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත්, ඒක මහ බොළඳ දෙයක් කියලා තව කෙනෙක්ට හිතෙන්නත් පුලුවන්. කොහොම නමුත් මේ කතාව බලද්දි ඔයාලාට ඒක කොයි වගේ දෙයක් ද කියලා වෙනස්ම විදිහකට දැනෙයි.

කතාව ගැන පුංචි හැඳින්වීමක් තමයි මම ඒ කළේ. 2011 අප්‍රේල් 29 වනදා තිරගත වීම ආරම්භ වන මේ චිත්‍රපටය තෙලිගු චිත්‍රපටයක්. මේ කතාව ඇත්තටම ගලාගෙන යන්නේ කුළියට මීනි මරන්නෙක් සහ සියදිවි නසාගැනීම් වීඩියෝ ගත කරන්නියක් වටා. මේ දෙන්නගේ ජීවිතත් මහ පුදුමාකාරයි කියලා මෙහෙම කියද්දිම ඔයාලාට තේරෙනවා ඇතිනේ. කතාව විකාරයි කියලා හිතෙන්නත් පුලුවන්. ඒ වුණාට ගැඹුරු ඇතුලාන්තයක් ඉස්මතු කරලා පෙන්වලා දෙන කතාවක් විදිහට මේ කතාව විග්‍රහ කරන්න පුලුවන්.

Trailer එක මෙතනින්... 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම :
- රුවන්ති කෞශල්‍යා -

මෙය cinemasubz බ්ලොග් අඩවියෙන් නොමිලේ ලබා දෙන උපසිරැසියකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. තව ද කතෘ ගේ අවසරයකින් තොර අනවසර උපුටාගැනීම් තහනම්...   

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More